තිබිය හැක පෙමක්?
අමාවක අදුරු රැයක, අහසේ පායන පුංචි තරුවකට, තිබිය නොහැකිද අරුම ප්‍රේමයක්, සැගව ගිය සදසාවි කෙරෙහිම... හිරු දෙසට නෙත් යොමාගෙන, පිපෙන සූරියකාන්ත මලට වූවද, සිටිය හැක බලා දිනයෙම, සොදුරු හැගුමක් සිතේ දරාගෙන... සද එළිය මග හරිමින්, පහන් දැල්ලකට පෙම් බදිමින්, පිළිස්සී අලු වීමට හැකි නම්, කදෝපැණියෙකුට සිතැඟි පරිද්දෙන්... හිමි නැතත් ඈ ජීවිතේ, නෙක පාටින් හීන මා සිතේ, මවාගෙන පෙමක් දලුලන්න, කුමට අවසර අනෙකුගේ...