Posts

Showing posts from September, 2018

සුහදිනී.....

Image
නිතැතින්ම සිතෙහි නුඹෙ වදන් රැව් දෙන.. නුඹේ සිනහව : වෙනුවෙන්ම වද වෙන.. කදුළු බිදු නුඹෙ, දරන්නට වෙර දරන.. නමින් අංගුලිමාල වෙමි :අන් අයට.. නමුදු අහිංසකයෙකි නුඹට සෙනේ පුදන, නමුදු ආලය නොකරන..... සොදුරු ප්‍රේමය ඉක්මවා ගිය, සොයුරු  බැදීමකි අප තුල, දිනෙන් දින දළුලන... අන් අය නිසා කිමද ප්‍රිය හිස්ව කෝපය නිතර පේ වන.. නුඹට හැක ආදරේ කරනට, අවැසි හිතකට අවැසි පරිදිම.. මා ද ඉන්නම් අසල නුඹෙ හිත, කෙනෙකු අයිතිය පවරගනු තුරුම....

සදනාරී...

Image
ඈ නමින් සදනාරී... නීල දෑසින් සිත් සොරා ගන්නී, හදේ ගැඹුරුම තැන් සියුම්ව පිරිමදින්නී, වළලු හඩින් මා මත් කරන්නී, අරුම පෙමකට ආරාධනා කරන්නී... මුදු වදනින් සිත සසල කරන්නී, ප්‍රේමයේ පැහැය සිතෙහි තවරන්නී, ඇගේ සුවදින් මා මන්මත් කරන්නී, එවිට අසල රැදි ; සේපාලිකා ද හඩන්නී, ඈ නමින් සදනාරී, මතක සැමරුම් ගෙනෙන්නී, සිහින රාජ්‍යයේ ඔටුන දරන්නී...