සදනාරී...




ඈ නමින් සදනාරී...
නීල දෑසින් සිත් සොරා ගන්නී,
හදේ ගැඹුරුම තැන් සියුම්ව පිරිමදින්නී,
වළලු හඩින් මා මත් කරන්නී,
අරුම පෙමකට ආරාධනා කරන්නී...

මුදු වදනින් සිත සසල කරන්නී,
ප්‍රේමයේ පැහැය සිතෙහි තවරන්නී,
ඇගේ සුවදින් මා මන්මත් කරන්නී,
එවිට අසල රැදි ; සේපාලිකා ද හඩන්නී,
ඈ නමින් සදනාරී,
මතක සැමරුම් ගෙනෙන්නී,
සිහින රාජ්‍යයේ ඔටුන දරන්නී...


Comments

Popular posts from this blog

බිදුනු ප්‍රේමය...

මෙයද ආදරය???

බෝසත් ආදරය