අහිමි වසන්තය
ගැඹුරු හදේ ඈ ඔසු ගල්වා, විකසිතව ලංවී සුවදවත් කළා.. මියුරු සිහිනයක මා තබා, වසන්තයට ඈ ඇරයුම් කළා... නමුදු නොහැක තබන්නට පා, වසන්තය මට උරුම නැත සදා... නමුදු ආදරෙයි සියල්ලට වඩා, පවසමි ඇගෙ නීල නෙත් යුගල දෙස බලා...