අහිමි වසන්තය






ගැඹුරු හදේ ඈ
ඔසු ගල්වා,
විකසිතව ලංවී
සුවදවත් කළා..
මියුරු සිහිනයක 
මා තබා,
වසන්තයට ඈ
ඇරයුම් කළා...
නමුදු නොහැක
තබන්නට පා,
වසන්තය මට උරුම 
නැත සදා...
නමුදු ආදරෙයි 
සියල්ලට වඩා,
පවසමි ඇගෙ නීල 
නෙත් යුගල දෙස බලා...

Comments

Popular posts from this blog

බිදුනු ප්‍රේමය...

මෙයද ආදරය???

බෝසත් ආදරය