සේපාලිකා මලකි ඇය, පමණ ඉක්මවා සුවද පතුරන, ඔහු නිදන කල ඇය පිපුණි, කිසිවක් නොදත් මම සිඹිමි... නැවත නැවතත්... සේපාලිකා මල්... තදින් දැනුණු බැව් ඇගේ, සුවද හලන බව හිතුමතේ, දැනී නොදැනී ඈ සිටි බැවින්, කලකිරුණි මට ඈ කෙරේ... නමුදු අත් නොහරිමි... මන්ද ;ඇබ්බැහි වූයෙමි... වරක් දෙවරක් නොව කීවේ, නොපිපෙන්න මා නොමැති වේලේ නමුදු පිපෙනවා සේපාලිකා මල්, කුලෑටි නැති සුවද පෙරමින්... තවත් අය අතරේ... මටත් හොර රහසේ...