සමනළිය.... Get link Facebook X Pinterest Email Other Apps February 22, 2018 දගකාර සමනළිය;... පාලු සිත් උයන සරසන, පාට පිහාටු විහිදුවන, සියලු නෙත් ඇද බැද තබන, නමුදු ; කාටත් අසු නොවන... හැඩකාර සමනළිය;... ආසයි ලංව හිදින්න, නමුදු නොහැක මට පියඹන්න, කම් නැත මා මත සදා නොසිටියද, රොන් ගෙන යාමට හෝ පැමිණෙන්න... Get link Facebook X Pinterest Email Other Apps Comments
බිදුනු ප්‍රේමය... May 09, 2018 බිදුනු ආදරේ ;සොදුරු සිත්තම්, දැනුණු කල නුඹට පෙර වගේ, හැකිය රිසි සේ කරනු ගෙත්තම්, නැවත එක්ව ලෙස අපි අපේ... අත්ල පටලා ඇවිද ගිය මංපෙත්, එක්ව දෙදෙනා කෙදිරූ මුදු වදන්, මතක;තෙමයි නම් උඩගු නුඹෙ නෙත්, සිටිය හැක නැවත පණට පණ මෙන්... සුරියකාන්තියන් හිරුට නෙත් යොමද්දී, හිරු ත් බැලිය යුතුමද ඒ දෙස පිපෙද්දී, හීනයක්ම පමණි මලට හිරු ගැන, අවැසි නැත ; හිරුට අවනත නොවු කල ඇය සුරියකාන්ත මල... ඔව්,අවැසිම නැත.... තැන තැන සුවද වැගිරූ ඒ මල..... Read more
මෙයද ආදරය??? March 30, 2018 ආදරය යනු ඇතැම්විට , දැන දැනත් මිරිගුවක් පසුපස, වෙහෙසව යාමට ඇති කැමැත්තය.. අමාවක දින හුදකලාව හිද ඇගේ මුදු පහස සිතින් විදුමය... සියපතක් අතෙහි වූවද බාදුරාව සිඹිනට ඇති ආශාවය... තමා අහිමිව ඇයගෙ හිමිකමට වෙර දරන, මා සිතනුයේ, ඇතැම්විට එයයි ආදරය..... Read more
බෝසත් ආදරය March 03, 2018 නුඹ අසල අද බෝසත් කුමරෙකු පෙනුමෙන් පිරි ; ගුණදම් සපිරි, දිනෙක ඔහු කර අභිනික්මන් ගිය කල ඈත්ව නුඹෙන්, කියනු මැන මට පැමිණෙන ලෙසට මගේ නොවන මගේ යශෝධරාවත..... Read more
Comments
Post a Comment