නිශාවේ නොපිපෙන්න


සේපාලිකා මලකි ඇය,
පමණ ඉක්මවා සුවද පතුරන,
ඔහු නිදන කල ඇය පිපුණි,
කිසිවක් නොදත් මම සිඹිමි...
නැවත නැවතත්...
සේපාලිකා මල්...

තදින් දැනුණු බැව් ඇගේ,
සුවද හලන බව හිතුමතේ,
දැනී නොදැනී ඈ සිටි බැවින්,
කලකිරුණි මට ඈ කෙරේ...
නමුදු අත් නොහරිමි...
මන්ද ;ඇබ්බැහි වූයෙමි...

වරක් දෙවරක් නොව කීවේ,
නොපිපෙන්න මා නොමැති වේලේ
නමුදු පිපෙනවා සේපාලිකා මල්,
කුලෑටි නැති සුවද පෙරමින්...
තවත් අය අතරේ...
මටත් හොර රහසේ...

Comments

Post a Comment

Popular posts from this blog

බිදුනු ප්‍රේමය...

මෙයද ආදරය???

බෝසත් ආදරය