බිදුනු ප්‍රේමය...
බිදුනු ආදරේ ;සොදුරු සිත්තම්,
දැනුණු කල නුඹට පෙර වගේ,
හැකිය රිසි සේ කරනු ගෙත්තම්,
නැවත එක්ව ලෙස අපි අපේ...
අත්ල පටලා ඇවිද ගිය මංපෙත්,
එක්ව දෙදෙනා කෙදිරූ මුදු වදන්,
මතක;තෙමයි නම් උඩගු නුඹෙ නෙත්,
සිටිය හැක නැවත පණට පණ මෙන්...
සුරියකාන්තියන් හිරුට නෙත් යොමද්දී,
හිරු ත් බැලිය යුතුමද ඒ දෙස පිපෙද්දී,
හීනයක්ම පමණි මලට හිරු ගැන,
අවැසි නැත ; හිරුට අවනත නොවු කල
ඇය සුරියකාන්ත මල...
ඔව්,අවැසිම නැත....
තැන තැන සුවද වැගිරූ ඒ මල.....

💗
ReplyDelete