නුඹ; ස්වේත සේලයෙන් දැක..
මගේ සෙවනේ..නුදුටු තරුකැන්..
නුඹට මැවුණිද ඔහු ලඟ..
ප්‍රේම සිත්තම්..බොඳව යයි දැන්...
මගේ කඳුලින් නුඹ ලග...
සඳවතී නුඹෙ උණු සුසුම් වැදි තැන්
මතක් වී හිත දවනවා..
හිතත් නැවතී නුඹව මවමින් හද
මා තනිව සුසුමන් හෙලනවා..
නුඹ,
ස්වේත සේලයෙන් දැක
පෙම් හැඟුම් හසරැල් මියෙනවා..
මා හඬවා..අඳුරේ ගිල්වා;
මගේ අහසෙන් නික්මෙනා..
දුක් ගෙවනා..ලතැවුල් විඳිනා..
දිරා යයි අද හද වීණා..
මග රැඳී මා තවම
සොඳුරු මතක රස විදිනවා..
රුවැත්තී නුඹ මගේ නොවේ යැයි
මට දැන් දැනෙනවා....
නුඹ,
ස්වේත සේලයෙන් දැක
පෙම් හැඟුම් හසරැල් මියෙනවා....//

Nice one bro
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete